පෙරේදා ඇඹිලිපිටිය මොරකැටිය මහා විද්‍යාලයේ පැවැති අ.පො.ස උසස් පෙළ විභාගයේ නර්තන විෂයට ව්‍යාජ හැදුනුම්පතක් ඉදිරිපත් කරමින් පෙනී සිටියදී විභාග ශාලාධිපති විසින් ඇඹිලිපිටිය පොලිසියට දන්වා සැකකාරිය අත්අඩංගුවට ගන්නා ලදී.
කොළොන්න මුගුණතැන්න ප‍්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි සැකකාරිය ඇයගේ බාල සහෝදරිය වෙනුවෙන් විභාගයට පෙනී සිට ඇත. ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි අපේක්‍ෂිකාවකි. ඇඹිලිපිටිය පොලිසිය මගින් ඊයේ(07) ඇඹිලිපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව සැකකාරිය ඇප මත නිදහස් කොට වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් මස 02 වන දිනට කල් තබන ලදී.
Post a Comment
enter your comment here..thank you