සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්‍රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි. අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක් ඇති සුපිරි පරිගණකවල දත්ත සකසන (processor) දහස් ගණනක්, ප්‍රධාන මතකය (RAM) සහ දත්ත ගබඩා (HDD) ධාරිතාවය ටෙරා බයිට් ගණනක් සහ මෙම උපකරණ එකිනෙක සම්බන්ඳ කරන අධි වේගවත් දත්ත හුවමාරුවක්ද ඇත. 1960 ගණන් වල සුපිරි පරිගණක
හදුන්වාදීමෙන් පසු ඒවායේ විකාශනය වේගයෙන් සිදුවූ අතර
වර්තමානයේ විවිධ කටයුතු රාශියක් සදහා සුපිරි පරිගණක දහස් ගණනක් යොදාගනී.
දැනට ලෝකයේ පවතින ප්‍රබලතම සුපිරි පරිගණකය ජපානයේ ෆුජිට්සු ආයතනයට (Fujitsu) අයත් K computer නම් සුපිරි පරිගණකයයි. එහි සකසන හැකියාව පෙටා ෆ්ලොප්ස් (petaFLOPS) 10.51කි . එහි SPARC64 VIIIfx වර්ගයේ දත්ත සකසන 88,000 සේවා පරිගණක රාක්ක 864 පුරා පැතිර ඇත.
සරල සැකැස්ම
අද ලොව ප්‍රබලතම සුපිරි පරිගණක හතරෙන් (4) තුනක්ම(3) තම කටයුතු සදහා ග්‍රැෆික දත්ත සකසන (GPU) සහ සාමාන්‍ය දත්ත සකසන (CPU) එක්ව දෙමුහුන්ව (Hybrid) යොදාගනී, කෙසේවෙතත් සම්පූර්ණයෙන්ම ග්‍රැෆික දත්ත සකසන සුපිරි පරිගණක සදහා යොදාගැනීමක් සිදුනොවේ.
මෙහෙයුම් පද්දති
සුපිරි පරිගණක වල අනාගතය
“සුපිරි පරිගණක” යන යෙදුම පවා බොහෝදුරට අස්ථිරය. මන්ද අද දවසේ සුපිරි පරිගණකයක් හෙට වන විට සාමාන්‍ය පරිගණකයක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ ප්‍රස්ථාව ඇති බැවිනි. CDC හි මුල්ම පරිගණකය වු කලී සරලවම ඉතා වේගවත් අදිශ සකසනයන්ය. මේවා එකල වු අනෙකුත් ආයතන වලින් ඉදිරිපත් කරන ලද වේගවත්ම පරිගණක වලට වඩා ආසන්න වශයෙන් දස ගුණයක් තරම් වේගවත් විය.
80 දශකයේ මුල හා මැද භාගය වන විට පිළිගත් සම්මතය බවට පත්ව තිබුණේ සමාන්තරව ක්‍රියාත්මක වු ප්‍රමාණවත් දෛශික සකසු සංඛ්‍යාවක් තිබෙන පරිගණකය. එක් පරිගණකයට අදාල දර්ශීය සකසු සංඛ්‍යාව 4 ත් 16 ත් අතර පරාසයක විය. 80 දශකයේ අග භාගය හා 90 දශකය වන විට ක්ෂේත්‍රයේ අවධානය දෛශික සකසු වෙතින් දහස් ගණනක් සාමාන්‍ය CPU භාවිතා කර සකසනු ලැබු සමාන්තර සකසු පද්ධති කරා යොමු ව තිබුණි.
මෙම CPU සමහරක් off-the-shelf ආකාරයේ ඒවා වු අතර සමහරක් අභිරුචිකෘත නිර්මාණ විය. (මෙය පොදුවේ හාස්‍යජනක ආකාරයට “අති භයානක ක්ෂුද්‍ර ආක්‍රමණය ලෙස ද ව්‍යවහාර කෙරේ) අද වන විට සමාන්තර නිර්මාණ off-the-shelf, server පන්තියේ අණු සකසු මත පදනම් වී තිබේ. මේ සඳහා උදාහරණ ලෙස Power PC, Itanium X 86-64 ගෙන හැර දැක්විය හැකි අතර, නුතන පරිගණක බොහොමයක් වෙළඳ සකසු මඟින් පිළියෙල වු ඉතා ඉහල තත්වයේ පරිගණක පොකුරක් වන මේවා අභිරුචික අන්තර් සබැඳි මඟින් සංයුග්ම කර ඇත.
අද තිබෙන අක්කර ගණන් විශාල සුපිරි පරිගණකවල බලය ඔබේ පුද්ගලික පරිගණකටය එන දිනය වැඩි ඈතක නොවනු ඇත.
සුපිරි පරිගණකවල ගණන හැකියාව 2011 වර්ෂය අවසන් වනවිට 20 petaflops (පෙටාෆ්ලොප්ස්) දක්වාද වර්ෂ 2019 වනවිට 1000 petaflops හෙවත් 1 exaflops (එක්සෆ්ලොප්ස්) දක්වාද වර්ෂ 2030 පමණ වනවිට 1000 exaflops හෙවත් 1 zettaflops (සෙටාෆ්ලොප්ස්) දක්වාද දියුණු කිරීමට විද්‍යාඥයින් අපේක්ශා කරයි..
Post a Comment
enter your comment here..thank you