Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

Smart-phone යනු 
සාමාන්‍ය ජංගම දුරකතනයකින් ඔබ්බට ගිය විශේෂ සේවා සපයන උපකරණයකි. 

සාමාන්‍ය ජංගම දුරකතන නැතහොත් feature phone වලට වඩා මේවා වෙනස් වන්නේ එහි ඇති උසස් පරිගණන බලය(computing power) සහ සම්බන්දක (connectivity) හැකියාවනුයි. Smart-phone එකක් බොහෝවිට පූර්ණ මෙහෙයුම් පද්දති මෘදුකාංගයක් (operating system) භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර අතේ ගෙනයාහැකි පරිගණකයක එබ්බවූ ජංගම දුරකතනයක් ලෙස ක්‍රියා කරයි. Smart-phone එකක ඇති මෙහෙයුම් පද්දතිය මගින්...

වෙනත් වැඩසටහන් (application) හා මෘදුකාංග (software) ක්‍රියාකරවීම සදහා අවස්ථාව ලබාදෙන අතර එකවර කාර්යයන් කීපයක් කරගෙනීමට (multi tasking) නැතහොත් එකවර වැඩසටහන් කීපයක් ක්‍රියා කරවීමට හැකියාව ඇත.

ජංගම දුරකතනයේ ප්‍රමාණය

සාමාන්‍යයෙන් smart-phone බොහෝමයක් විශාල touch screen තිරයක් සහිතව පැමිණේ. තිරයේ ප්‍රමාණය අගල් 2.5 සිට 4.5 දක්වා පරාසයක පවතී. මේ නිසා ඒවායේ විශාලත්වයද එම තිරයේ ප්‍රමාණයට අනුව අඩු වැඩි වේ. මේ නිසා අවශ්‍යතාවය අනුව තිරයේ ප්‍රමාණය තෝරාගතහැකිය. භාවිතය සදහා දිග සහ පළල එතරම් ගැටලුවක් නොවුනත් smart-phone එකක මහත වැඩිවන විට නම් එය භාවිතයේදී අපහසුතා මතුවේ. විශේෂයෙන්ම QWERTY මාදිලියේ සම්පූර්ණ යතුරුපුවරුවක්ද සහිත touch screen දුරකතන සදහා මෙය බලපායි. මේ නිසා 14~mm ට අඩු මහතක් සහිත smart-phone එකක් තෝරාගැනීම සුදුසුය. මීට අමතරව සාමාන්‍යයෙන් 180g ට වඩා බරින් අඩු දුරකතනයක් තෝරාගැනීමද වැදගත් වේ.

smartphone දෘඩාංග

Smartphone ප්‍රොසෙසරය (processor)

Smartphone එකක දත්ත සකසනය නැතහොත් ප්‍රොසෙසරය (CPU / processor) ඉතා පුළුල් ලෙස සාකච්චා කළයුතු කරුණකි. මෙහි මූලික හා වැදගත් කරුණු කීපයක් පමණක් සදහන් කර ඇත.

සාමාන්‍ය පරිගණක වල මෙන්ම Smartphone වලද පරිගණන මොළය ලෙස දත්ත සකසනයක් නැතහොත් processor එකක් ඇත. මේවායේ වේගයන් සහ හැකියාවන් විවිධ පරාස වල පවතින අතර වර්තමානයේ වේගවත් dual core සහිත processors ද Smartphone සදහා පැමිණ ඇත.

පරිගණක ලොව ප්‍රධාන CPU නිෂ්පාදකයන් දෙපල වන intel හා AMD චිප CPU නිෂ්පාදන ආධිපත්‍ය දරන්නා සේම smartphone සදහා තම තනි ආධිපත්‍යය ලොව පුරා විදහා ඇත්තේ බ්‍රිතාන්‍ය මූලයක් සහිත ARM Holdings සමාගමයි. එහෙත් මෙම සමාගම intel වැනි සමාගම් වලින් වෙනස් වන්නේ තම සමාගම මගින්ම ප්‍රොසෙසර නිපදවීම පසෙකලා විධාන කට්ටලය (instruction set) පමණක් අලෙවි කිරීමයි.
MicroSD and M2
Micro SD කාඩ්පත් ඒවායේ දත්ත හුවමාරු වේග අනුව class වලට බෙද ඇත. මෙසේ class 1, 2, 4, 6, 10 ආදී ලෙස සදහන් කළ Micro SD කාඩ්පත් ඔබට මිලදීගත හැකිය. මෙහි class 1 යනු අඩුම වශයෙන් 1MBps ලිවීමේ වේගයක් (writing speed) සහිත වියයුතුය යන්න සම්මතයයි. උදා: මෙසේ class 6 සදහා එම අගය 6MBps වේ.

වේගවත් කාඩ් මගින් ඔබට ඉක්මනින් දත්ත ගබඩා කිරීම හා ලබාගැනීම කළහැකිය. විශේෂයෙන් වැඩි ධාරිතා සහිත (8GB~16GB) කාඩ්පත් සදහා අවම වශයෙන් class 4 වර්ගයේ Micro SD කාඩ්පතක් වත් තෝරාගැනීමට සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම HD video recording (720p) සදහා අවමය class 4 සහ 6 අතරද Full HD video recording (1080p) සදහා class 10 ද යොදාගැනීම වඩාත් සුදුසුය.

කලකට ඉහතදී නව LCD තිර හදුන්වා දුන්නේ පැරණි විශාල CRT (cathode ray tube) වලට සාර්ථක ආදේශකයක් ලෙසයි. එහෙත් LCD තිර තමුන්ම ආලෝකය නිපදවා ගැනීමක් සිදු නොකරන නිසා පසුතල ආලෝකකරණයක් (background lightning) අවශ්‍ය වේ. තවද LCD තිර LED මෙන් කාර්යක්ශම නොවේ. මෙම කරුණු නිසා එහි ශක්ති පරිභෝජනය LED පුවරු හා සසඳන විට තරමක් වැඩිය. LCD තිර වල රූප තීවුරතාවය හා පැහැදිලි බව සාමාන්‍ය මට්ටමක පවතින අතර වැඩි දියුණු කිරීම් මගින් දුර්වලතා මගහැර නිපදපූ නව තිර වර්ගද වෙළදපොලේ දැකියහැක.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.