Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

මම රංගනයට ආසයි වගේම ආදරෙයි.හැබැයි රගපෑම මගේ වෘත්තිය නෙවෙයි..



අද වනවිට ලංකාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංග වලට නැතුවම බැරි තරමට නමක් දිනාගත්තු ශ්‍රී ලංකාවේ නර්තන කණ්ඩායමක් තමයි සෙන්සේෂන්.සෙන්සේෂන් සමග අපට ඇහෙන අනික් නම තමයි හිමාලි සිරිවර්දන කියන නම.වසර දහයක කාලයක් තිස්සේ ඇය සෙන්සේෂන් මෙහෙයවමින් යන ගමන අපූරුයි.ඇය පසුගිය දිනවල තවත් අලුත් වැඩකට අතතියල කියලත් දැනගන්න ලැබුනා.ඉතින් මේ ඇය පසුගිය දිනක සතිඅන්ත පුවත්පතක් සමග සමග කල ඒ සොදුරු කතාබහ..

ඉතින් හිමාලි කාලෙකට පස්සේ මෙගා වැඩකට අත තියල වගේයි.
ඔව් මුල ඉදන්ම චරිත තෝරගෙන තමයි කලේ. මම ඉතින් අදටත් ඒ මතය වෙනස් කරලා නෑ.නමුත් මේ වෙනකොට හොද නිර්මාණ හොයන එක ගොඩාක්ම අමාරු වැඩක්.

ඒ හින්දද මේ වගේ චරිතයක් තෝරගත්තේ.
එහෙම නෑ.මේකට හොද පිටපතක් ලැබුනා.ඒ වගේම මේ චරිතයෙන් යමක් කරන්න පුලුවන් කියලා මට හිතුනා.

ඒ කියන්නේ දෑන් මෙගා නිළියක් වෙන්නද සූදානම.?
අනේ නැහැ.මම ඒ වචනෙටවත් කැමති නෑ.මොකද මෙගා ටෙලිනාට්‍යවල තියෙන වැරැද්ද තමයි පිටපතක් නැති එක.

මෙච්චර වැරදි දැක දැක අයි මේ වගේ දෙයක් භාරගත්තේ..?
මට මේ නිර්මාණයේදී පිටපතක් ලැබුනා.පිටපත හරියටම දැනගෙන තමයි මේ ටෙලිනාට්‍යට සම්බන්ධ වුනේ.ඒ හින්දා දවස් පහේම විකාශය වුනාට ප්‍රශ්ණයක් නෑ.


ඔබ නිතර රූපවාහිනියෙන් දකින්න ලැබෙන විට ප්‍රේක්ශකයන්ට ඔබව එපා වේවිද?
මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු ගනනාවකට පස්සේ තමයි මෙගා වැඩකට සම්බන්ධ වුනේ.ඒක එක්තරා විදියකින් පොඩි වෙනසක් වුනා.

සෙන්සේෂන් වල වැඩකටයුතු එහෙම කොහොමද ..?
මේ දවස්වල ටිකක් කාර්‍ය බහුල වෙලා හිටියේ.ඉදිරියේදී මගේ කණ්ඩායමට අලුතින් සාමාජිකයින් බදවා ගන්නත් හිතන් ඉන්නවා.

ගැහැණු ලමයි ටිකක් පාලනය කරන එක ලෙහෙසි නෑ නේද..?
ඇත්තටම අමාරු වැඩක්.යම් යම් බාදක ප්‍රශ්න නැතුවාම නෙවෙයි.අවුරුදු දහයක ඉදන් මේ වැඩේ කරගෙන යන නිසා ගොඩාක් අත්දැකීම් තියෙනවනේ.ඉතින් ඒ නිසා මම දන්නව මේ ලමයි හැරෙනකොට මොනවද කරන්න යන්නේ කියලා.

හිමාලි ඔබ ජනප්‍රියද -ප්‍රසිද්ධද.?
මම කැමති ජනප්‍රිය වෙන්න.

ඒකට හේතුව මමඇහුවොත්.?
මෙකයි.අද රටේ ඕනදෙයක් කරලා ප්‍රසිද්ධ වෙන්න පුලුවන්.ඒත් ජනතාවට ප්‍රියවෙන කෙනෙක් වෙන්න හැමෝටම බෑ.

ජනප්‍රියත්වය හඹායනවා වගෙයි.?
මම එහම කෙනෙක් නෙවෙයි,ජනප්‍රියත්වය නෙවෙයි මම නිර්මාණවලදී හොයන්නේ.හොද නිර්මාණ.ජනප්‍රියත්වය පස්සේ යනවානම් ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නේ ඕනනේ.


අද කාලේ මේ ක්ෂේත්‍රය ගැන අහෙන කතා එච්චරම හොද නෑ නේද?
මම දකින විදියට ඒකට මූලිකම හේතුව ටෙලිනාට්‍ය ව්‍යාපාරයක් බවට පත්වීම.නාලිකාවලින් ගෙවන මුදලට බොහෝ අඩුවෙන් ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්න පෙළබිලා තිබීම තමයි හේතුව.

ඉතින් මේ හේතු නිසා නර්තන කණ්ඩායමත් එක්ක වැඩකරගෙන ඉන්න එක හොදයි කියලා හිතීන්නේ නැත්ද.?
මම රංගනයට ආසයි වගේම ආදරෙයි.හැබැයි රගපෑම මගේ වෘත්තිය නෙවෙයි.

නර්ථනයෙන් ලැබෙන ආදායම ඔබට ජීවත් වෙන්න ඇතිද?
ඔව් මම රංගනයට වඩා නර්ථනයෙන් තමයි සල්ලි හම්බ කරන්නේ.

එතකොට සෙන්සේෂන් වලට දැන් ඉල්ලුම කොහොමද?
එදා වගේම අදටත් මගේ නර්ථන කණ්ඩායමට හොද ඉල්ලුමක් තියෙනවා.

කතාබහ-මීවිත













0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.