
මෙවර ශිෂ්‍යත්වයේ දෙවන ස්ථාන 03ක් හා තුන්වන ස්ථාන 05ක්.
(with video)

ලංකාවේ පළමු ස්ථානය ලබාගත් සදරුගේ මව දකුනු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරියක වූ කුමුදුනී වික්‍රමසූරියයි.සදරුගේ පියා හම්බන්තොට ලංකා ලුණු සංස්ථාවේ ඉංජිනේරුවරයෙක් වන අතර සදරුට වැඩිමල් සොයුරියන් දෙදෙනෙකුද සිටී.
සදරු සත්සර මාධ්‍ය වලට ප්‍රකාශ කර සිටියේ තමන්ගේ අනාගත බලාපොරොත්තුව වන්නේ ශල්‍ය වෛද්‍යවරයෙකු වීමට බවයි.එසේම තමන් එදිනෙදා පාසලේදී ලබාදෙන අභ්‍යාස එම අවසථාවෙදීම සිදු කිරීම තමන්ගේ ජයග්‍රහණයට මහත් පිටිවහලක් වූ බව සදරු පවසා සිටියේය.
මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයේදී දෙවන ස්ථානය ලබාගත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල කණිෂ්ඨ විද්‍යාලයේ ජිනාලි විදුලංකා මුණසිංහ සහ බෙලිහුල්ඔය - කරගස්තලාව විද්‍යාලයේ හේෂාන් චානුක ධර්මරත්න යන සිසු සිසුවියන්ය
මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ තුන්වන ස්ථානය දිනා ගත් සිසු සිසුවියන් 5 දෙනෙකු සිටීම ද විශේෂත්වයක්.ඔවුන් පස්දෙනාම ලකුනු 195 බැගින් ලබාගෙන ඇතිබවයි වාර්ථා වන්නේ
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ තමිඳු ස්වර්ණා ද සිල්වා, අම්බලන්තොට ථේරපුත්ත ප‍්‍රාථමික පාසලේ ශෙනුක දුලාංජන සහ ඕපනායක විද්‍යාකර ප‍්‍රාථමික විද්‍යාලයේ නුරන්සි රොනෙත් ඉන් තිදෙනෙක්. කුලියාපිටිය අස්වැද්දුම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ ඉසුර කැලූම් කුමාර සහ කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලයේ සජනි සදිස්නා ද ලකුණු 195 බැගින් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනෙන් තුන්වන තැන දිනා ගත්තා.
photos - rivira
Post a Comment
enter your comment here..thank you