Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

ඔබට අවශ්‍ය පොත් SMS මගින් පහසුවෙන් සොයාගන්න..


අද(14)සිට ලබන 22 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරබෙන අතර මේ සදහා දිවයිනේ  ජනප්‍රිය පොත් ප්‍රකාශකයින්ට අමතරව විදේශීය පොත් ප්‍රකාශකයින්ද සහභාගී වීමට නියමිතව ඇත.මෙහිදී පොත් ප්‍රදර්ශනයට පැමිනෙන අය වෙනුවෙන් ඒ ඒ අයට අවශ්‍ය කරන පොත් පහසුවෙන් හා ඉක්මනින් සොයා ගැනීම සදහා උදවුකරන නවතම මෘදුකාංගයක් මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉන්ජිනේරු දෙපාර්ත්මේන්තුවේ සිසුන් පිරිසක් සමත්ව ඇති බව වාර්ථා වේ..


මෙම පොත් ප්‍රදර්ශනයේ තිබෙන සිය ගනන් පොත් වෙළද කුටිවල කාලය නාස්තිකරමින් රැදී සිටීමට අවශ්‍ය නොවන අතර මෙමගින් ස්ම්ස් මගින් පළමුව ලියාපදිංචි වූ පසුව තමන්ට අවශ්‍ය පොත ඇති වෙළද කුටි අංකය තමන් වෙත ස්ම්ස් පනිවිඩයක් මගින් දැනුම් දෙනු ඇත.."බුක් සීකර්" නමින් හදුන්වා තිබෙන මෙම නවතම මෘදුකාංගය මගින් ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් තමන්ට අවශ්‍ය පොත් සොයා දීමට සමත්ය.මේ සදහා ඔබ විසින් කල යුත්තේ,

මුලින්ම ඔබගේ ඩයලොග් දුරකතනයෙන් SMS පණිවිඩයක් මගින් මෙම සේවාවට ලියාපදිංචි විය යුතු අතර මේ සදහා ඔබගේ දුරකතනයෙන් 

reg හිස්තැනක් isk ටයිප් කර 77115 ට කෙටි පණිවිඩයක් යොමු කල යුතුය
අනතුරුව තමන්ට අවශ්‍ය පොත සොයා ගැනීම සදහා 
isk හිස්තැනක් පොතේ නම ටයිප් කර77115ට send කලයුතුය..අනතුරුව ඔබගේ එම පොත ඇති වෙළද කුටි අංකය අඩංගු sms පණිවිඩය ඔබට ලැබෙනු ඇත.

මෙම ප්‍රදර්ශනයේදී නවතම පොත් 500කට අදික සංඛ්‍යාවක් සහ විවිධ විෂයන් පිළිබද නවතම කෘති ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අළෙවි කිරීමට සූදානම් අතර ඇතුල්වීමේ ගාස්තුව රුපියල් දහයකි.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.