Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

බස් රථ තුල කෙරෙන අපචාර ක්‍රියාවන්ට වැට.



ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලට සී සී ටීවී කැමරා සහ ජී පී එස් උපකරණ සවිකිරීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය තීරනය කොට තිබේ.පළමුව මෙම කැමරා සහ ජී පී එස් උපකරණ දුර ගමන් සේවා බස් රථවල සවිකෙරෙන අතරම පසුව මෙවා කෙටිදුර ධාවනයේ ඇති බස් රථවලද සවිකිරීමට අපේක්ෂා කරයි.


මෙම තාක්ෂණික උපකරණ සවිකිරීමෙන් අදාල බස් රථයේ කාර්මික තත්වය ,ඉන්ධන තත්වය,අදාල කාලසටහන් අනුව බස් රථය ධාවනයේ යෙදෙන්නේද යන්න මෙන්ම බස් රථය තිබෙන්නේ කිනම් ප්‍රදේශයකද යන්න නිසියාකාරව හදුනා ගැනීම මෙහි අරමුණයි.

තවද දුරගමන් සේවා බස් රථතුල සිදුවන්නාවූ අපචාර ක්‍රියාවන්,කාන්තා හිංසනයන්,මත්ද්‍රව්‍ය,මත් කුඩු ප්‍රවාහනය ආදී ක්‍රියාවන්ද හදුනා ගැනීම මෙහි තවත් එක් අරමුණක් බව ශ්‍රී ලංගමය ප්‍රකාශ කරයි.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.