Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

පැහැරගෙන ගොස් රුපියල් කෝටි පහක් ඉල්ලා..


පසුගිය බදාදා(04)වනදින අතුරුදන් වූ දයාසිරි ජයසේකර මහතාට හමර් රථය ලබාදුන් කෝටිපති ව්‍යාපාරික හේරත් මුදියන්සේලාගේ සරත් රත්නායක මහතා කැලයකින් සොයාගෙන තිබේ.පසුගිය දිනක වාරියපොල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසේ සිට ඔහුගේ කැබ් රථයෙන් බදාදා රත්‍රී 8.30ට පමන පැමිනෙමින් සිටියදී මෙම ව්‍යාපාරිකයා අතුරුදන් වූ අතර නැවත සොයාගනු ලැබුවේ අනුරාධපුර රාම කැලය නමින් හදුන්වන ප්‍රදේශයකින්ය.


රත්නායක මහතා පැමිනි කැබ් රථයේ මග හරස්කර ජීප් රියකින් බැසගත් නාදුනන කල්ලියක් ඔහුව පැහැරගෙන පලාගොස් තිබෙන බවට හෙට්ටිපොල පොලීසියටද තොරතුරු ලැබී තිබූ අතර,ඔහුගෙ බිරිද වන දීපානි චන්ද්‍රිකා මහත්මියද සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිනිලි කර තිබේ.

ඉන් අනතුරුව බ්‍රහස්පතින්දා දින(05)දහවල් රාමකැලය ප්‍රදේශයෙදී ත්‍රීවීල් රියදුරෙකු පාර අයිනේ කටින් සෙම දමමින් වැටී සිටින පුද්ගලයෙකු දැක,ඔහුව එම ත්‍රීවීලරයේම දමාගෙන ගොස් අනුරාධපුර පොලීසියට ගෙනැවිත් බාරදී තිබේ.පසුව අනුරාධපුර පොලීසිය විසින් මොහුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර පොලීසිය විසින් රෝගියාගෙන් කල ප්‍රශ්න කිරීමේදී ඔහු කවුරුන්දැයි හදුන්වා දී ඇත..

වැඩිදුරටත් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී සරත් රත්නායක මහතා පවසා ඇත්තේ,පැහැරගත් පිරිස විසින් ඔහුගෙන් රුපියල් කෝටි පහක් ඉල්ලා ඇති බවත්,එම මුදල ලබා දීමට සරත් රත්නායක මහතා අපොහොසත් බවත්,නමුත් රුපියල් කෝටි දෙකක පමන මුදලක් ලබා දිය හැකි බවත්ය.
මොවුන් තමාගේ මුහුනට කිසියම් ද්‍රාවනයක් ස්ප්‍රේ කිරීම නිසා තමන්ට සිහි නැති වූ බවත්,නමුත් මොවුන් වදහින්සා කිරීම් හෝ පහරදීම් නොකල බවත් සරත් රත්නායක මහතා පොලීසියට පවසා තිබේ..

සිද්දිය සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර සරත් රත්නායක මහතා පැහැරගනු ලැබු ජීප් රථය සොයා ගන්නටද මේ වනවිට පරීක්ෂණ ආරම්භකර තිබේ....

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.