Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status


තෙල් හා ග්‍රීස් අඩංගු බෝතල්වලට ප්‍රමිති සහතිකත් ලැබිලා..


පිටකොටුවෙ වෙළදසැල්වල අලෙවි වන පානීය ජල බෝතල්වල තෙල් හා ග්‍රීස් අඩංගුවන බවට රජයේ රස පරීක්ෂකවරයා නිකුත්කල වාර්ථාවක සදහන් වී තිබේ.
පසුගිය දිනවල පිටකොටුව ප්‍රදේශයෙන් ලබගන්නා ලද ජල බෝතල් පාරිභෝගික අධිකාරිය මගින් රජයේ රස පරීක්ෂක වරයා වෙත යවා තිබූ අතර පරීක්ෂාවට ලකකල එම පානීය ජල බෝතල්වල කුණුරොඩු අඩංගු බවට අනාවරනය වී තිබේ.

සාමාන්‍යයෙන් සමාගමක් පානීය ජල බෝතල් අලෙවි කරන්නේ නම් එ එම සමාගම විසින් ප්‍රමිති සහතිකය සහ සෞඛ්‍ය අමාත්‍යාංශ සහතිකය ලබාගත යුතු අතර නමුත් මෙලෙස සොයාගත් ජල බෝතල්වල මෙම සහතික දෙකම අඩංගු වූ බවද අනාවරනය වේ..

මෙම සමාගම් විසින් මෙම ජල බෝතල් නිෂ්පාදනය කිරීමේදී එවයේ කල් ඉකුත් වූ දින වෙනස් කිරීම,නිසි ක්‍රමවේදයකට අනුව මේවා නිෂ්පාදනය නොකිරීම යන කරුණු මත ජනතාවගෙන් මේ සම්බන්ධව පාරිබෝගික අධිකාරිය වෙත පැමිණිලි රැසක් ලැබී තිබීම මෙලෙස පරීක්ෂාවට හේතුවයි
.
මෙලෙස ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය වන වතුර බෝතල් කොටුව,පිටකොටුව හා ඒ අශ්‍රිත ප්‍රදේශවල වෙළදසැල්වල හා බස් රථ තුල අළෙවි කරන අතර,මේ වනවිට මෙම සමාගම්වලට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නියමිතය...

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.