Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

විදුහල්පතිවරයා පවසා ඇත්තේ තමන් සමග හෝටලයකට යාමට එන ලෙසයි...


2014 නව වර්ෂය සදහා පළමුවැනි වසරට සිසුවකු ඇතුලත් කර ගැනීම සදහා එම දරුවාගේ මවගෙන් ලිංගික අල්ලසක් ඉල්ලූ කොට්ටාව ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා අත් අඩංගුවට ගැනීමට ඊයේ(05)දහවල් අල්ලස් කොමිසමේ නිළධාරීන් සමත්වූහ..එසේ අත් අඩංගුවට ගත්තේ වේරහැර ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක කාමරයක් තුල සිටියදීය.
මෙම දරුවාගේ මව විසින් තම දරුවා ආනන්ද විද්‍යාලයට ඇතුලත් කර ගැනීම සදහා අව්ශ්‍ය සියලුම ලිපිලේඛනද සමග අයදුම්පත ලබා දුන්නද විදුහල්පතිවරයා පවසා ඇත්තේ මෙම ලමයාට ලකුනු අඩුබවය..


නමුත් තමාට සලකන්නේ නම් දරුවා පාසලට ඇතුලත් කල හැකි බව පැවසූ විදුහල්පතිවරයාගෙන් මෙම මව සර්ට අවශ්‍ය මොනවාදැයි විමසූවිට පවසා ඇත්තේ ඔහු සමහ හෝටලයකට යාමට පැමිනෙන ලෙසටයි..විදුහල්පතිවරයගේ මෙම ප්‍රකාශයට කෝපවූ මව මේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට පැමිනිලි කර තිබේ..
පසුව කොමිසමේ නිළධාරීන් ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ මව විදුහල්පතිවරයාගේ යෝජනාවට කැමතිවිය..

පසුව විදුහල්පතිවරයා ඔහුගේ නමින් හෝටලයේ කාමරයක්ද වෙන්කරගෙන තිබෙන අතර ,පසුව මව සමග වේරහැර නවාතැන්පොලට ගොස් එම මව සමග කාමරයට ඇතුලුවන අවස්ථාවේදීම අල්ලස් විමර්ෂණ නිළධාරීන් කාමරයට කඩාපැන මෙම විදුහල්පතිවරයා අත් අඩංගුවට ගන්න ලදි.සැකකරු උසාවිය හවුවට ඉදිරිපත් කිරීමටද නියමිතය..

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.