Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

රටේ අනාගතය ගැන හිතා ජන්දය භාවිතා කරන්න..!



සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කාර මණ්ඩලයේ සභාපති මාදුළුවාවේ සෝහිත හිමියන් පසුගිය දිනක ඉල්ලීමක් කරමින් පවසා සිටියේ අද සමාජයේ රජකරන කුඩුකාරයින්,සල්ලාලයින්,බාර් හිමියන්,ගණිකා වෘත්තියේ යෙදෙන්නන්,අල්ලස් දූෂකයන්,කොමිස් කාක්කන්,සමාජ විරෝදී කරුවන්,මැරයන් හට ජන්දය ලබා නොදී කුමන හෝ දේශපාලන පක්ෂයක පිරිසිදු චරිතයකින් හෙබි පුද්ගලයෙකුට මෙවර පළාත්සභා ජන්දයේදී තම වටිනා ජන්දය භාවිතා කරන 
ලෙසටයි..

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මාදුළුවාවේ සොහිත හිමියන්ගේ නිවේදනය මෙසේය..

පළාත් තුනක මැතිවරණ පැවැත්වීමට දැන් කටයුතු සංවිධානය කර තිබේ. මේ මැතිවරණය ඉතාමත් සාධාරණ නීතිගරුකව පැවැත්වීමට කටයුතු යොදනු ඇතැයි අපේ බලවත් විශ්වාසයයි.
මේ අවස්ථාවේ එම ප‍්‍රදේශයේ ජන්දදායක භවතුන්ගෙන් එක ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමු. තමා විසින් තෝරා පත්කරගනු ලබන නියෝජිතයා පිරිසුදු චරිතයකින් හෙබි, උගත් පුද්ගලයකු විය යුතුයි. කුමන පක්‍ෂයක හෝ වේවා එවැනි අයකුට ඔබගේ ජන්දය ලබාදෙන ලෙසත් කුඩුකාරයන්ට, සල්ලාලයන්ට, බාර්හිමියන්ට, ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ට, අල්ලස් දූෂකයන්ට, කොමිස් කාක්කන්ට, සමාජ විරෝධී ක‍්‍රියා කරන්නන්ට, මැරයන්ට තම වටිනා ජන්දය නොදෙන ලෙසත්, සාධාරණ සමාජයක් අපේක්‍ෂා කරන සියලූම ජන කොටස්වලින් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. ඒ යුතුකම ඔබ නොකළහොත් අනාගතයේ ඇති වනුයේ බියජනක කාල පරිච්ෙඡ්දයක් බව සිහිපත් කරමු. ඉදිරි කාලයේදී සාධාරණ සමාජයක් ඇති කිරීමට අප ව්‍යාපාරය කටයුතු කරමින් සිටින බවත්, එයට එක් වන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.