Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

එදානම් එයා ෆෝන් එක තිබ්බෙත් මට ආදරෙයි කියලා..



සුදු නංගී ලෙසින් බොහෝ දෙනෙක් දැන හදුනාගත් ජනප්‍රිය නිළි අයෝමී ෂානිකා පසුගියදා නැවතත් විවාහ ගිවිස ගත්තා.මේ වනවිටත් ආයුර්වේද වෛද්‍යවරියක වන්නට ඉගෙන ගනිමින් සිටින ඇය පවසන්නේ ඇයගේ මෙම පෙම් කතාව ආරම්භ වන්නේ අහම්බයෙන් බවයි..පෙර විවාහයේ මෙන්ම මෙවරද අයෝමි විවාහ වී ඇත්තේද හොර රහසේමය..
අයෝමි මීට පෙරද යුග දිවියට එළඹි අතර එවරද විවාහ වූයේ හොර රහසේමය..අයෝමි තමන්ගේ මේ අලුත්ම ආදර කතාව ගැන පවසා සිටියේ මෙවන් දෙයකි..

මමනම් හිතන්නේ විවාහ වෙන්න අනිවාර්‍යෙන්ම දෙන්නෙක්ගේ අදහස් හොදටම ගැලපෙන්න ඕනමයි...ඒ නිසා තමයි මම චින්තක වගේ කෙනෙක් තෝරගත්තේ.මොකද අපි දෙන්නගෙ අදහස් හොදින්ම ගැලපෙනවා.එයානම් කාලයක් මාධ්‍යට සම්බන්ධවෙලා හිටියා.අපි මුනගැහුනෙත් පල්ලෙකැලේ ආයුර්වේද රෝහලේ ආයුර්වේද වැඩසටහනකට සම්බන්ධවෙච්ච අවස්ථාවකදී...

ඉතින් එතනදි දැන හදුනාගත්ත අපි දුරකතන අංක ඉල්ලගත්තා..ගොඩාක්ම කතාකලෙත් ආයුර්වෙද අංශයට සම්බන්ද දෙවල් ගැන..ඒත් කාලයක් ඔහොම කතාකරද්දී කතාව ටිකෙන් ටික ආදර කතාවකටම හැරුනා..ඔන්න එකදවසක්දා චින්තක අයියා හරිම අමුතුවෙන් තමයි කතාකලේ..එදානම් එයා ෆෝන් එක තිබ්බෙත් මට ආදරෙයි කියලා..එදානම් මට හිතාගන්නවත් බැරිවුනා...

එදානම් ඇත්තටම මට මාරම බයක් දැනුනා..කරකවලා අතහැරියා වගේ දැනුනා..ඒත් හිතට පොඩි සතුටකුත් දැනුනා..ඊටපස්සේ මන් එයා ගැන ගොඩක්ක්ම හොයල බැලුවා.එකපාරම උත්තරයක් දුන්නෙත් නෑ.මාස තුනක් විතර මේ විදියට ගතවුනා..අපි අපේ පවුල්වල අයත් හොදින්ම දැන හැදින ගත්තා.එයා මංගැන ඇත්තටම හොද අවබෝදයකින් ඉන්නේ..මට ඒකනිසා එයා සියයට දාහක්ම ෂුවර්..

අපි තාවමනම් ඉගෙන ගන්නවනේ.ඒත් ලගදීම විවාහ උත්ස්වය ගන්න බලාපොරොත්තුවක් තියෙනවා.මහනුවරින් ගෙයක් අරගෙන පදිංචිවෙන්න තමයි හිතාගෙන ඉන්නේ.ඒත් ඉතින් තාවම අපි පත්වීම් ගත්තෙ නෑ.පත්වීම් ගත්තට පස්සෙනම් කොහේ වැඩකරන්න වෙයිද දන්නෙ නෑ..ඒත් කොහේ ගියත් චින්තකවත් අරගෙනමයි යන්නේ...
සටහන ප්‍රසාද් සමරතුංග

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.