Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

මම ආදරයට ගොඩාක්ම ආදරෙයි..



මේ දිනවල රූපවාහිනිය ඔස්සේ විකාශණය වන"බාලොලි මල්,සුරවිමන" යන ටෙලිනාට්‍ය ඔස්සේ ඔබ හමුවට එන මේ චරිතය භාග්‍යා හෙට්ටිආරච්චි .තම රංගන හැකියාවෙන් මෙන්ම ගායන හැකියාවන්ද පෙන්වමින් "දියමන්ති මාලය පැළැන්දූ දිනේ"ගීතය ඔස්සේ තවත් රසික රසිකාවියන්ගේ හදවත් ස්පර්ශ කරන්නට ඇයට හැකියාව ලැබුනා..

ඉතින් භාග්‍යා කියන්නෙ මොනවගේ කෙනෙක්ද..?

හරිම අවංක ,විශ්වා,සාධාරණව හිතන කෙනෙක්.

මුලින් ඔබ සංගීතය හදාරාලා,රගපෑම තෝරගත්තෙ ඇයි..?

මම උසස්පෙළ හැදෑරුවෙත් සංගීත අංශයෙන්.පස්සෙ කේමදාස මස්ටර්ගෙනුත් සංගීතය වැඩිදුරටත් ඉගෙන ගත්තා.කේමදාස මාස්ටර් මට කිවේ පොඩි ඉන්දිකා කියල..

මොකද ඉන්දිකා උපමාලි අක්ක වගේම අපිත් මාස්ටර් එක්ක කරන වැඩවලට ගොඩාක්ම කැපවෙලා හිටියේ..

පස්සේ මට මගේ යාලුවෙක්ගේ හිතවත්කමකින් මට රූපවාහිනී  දැන්වීමකට අවස්ථාව ලැබුනා..ඊට පස්සේ මට තවත් රූපවාහිනී දැන්වීම්වලට අවස්ථාව ලැබුනා..


භාග්‍යා වැඩිපුරම කැමති ගායනයටද-එහෙම නැත්නම් රගපෑමටද..?
ඒ දෙකටම වගේ ගොඩාක්ම කැමතියි,ගායනයට වඩා අද රගපෑම වෘත්තිය වෙලා තියෙනවනෙ.ඒ වගෙම තමයි මම කැමති නෑ 

ගායනයෙන් හම්බ කරගන්න..ඒත් මගේ "දියමන්ති මාලය"ගීතයට යූ ටියුබ් හරහා ලැබෙන ප්‍රතිචාර ගැනනම් ගොඩාක් සතුටුයි.





ඔබ මෙහෙම හිතුවත් අද කාලෙ ගොඩාක් අය කරන්නෙ අනුන්ගෙ ගීත ගායනා කරලා හරි හම්බ කරගන්න එකනෙ..?

එකනම් ඇත්ත ඒත් මම ඉගෙන ගත්තේ ශාස්ත්‍රීය සංගීතය.ඒ වගෙම තමයි මම සංගීතය දකින්නෙ අධ්‍යාත්මික දෙයක් විදියට.ඉතින් මම ඒකට ගොඩාක්ම ගරු කරනවා..ඒ නිසා සංගීතයෙන් හම්බකරන්න මම කමති නෑ.

අනාගතයේ උනත් මම සංගීතය අංශයෙන් සුදුසු නිර්මාණවලට පමණක් සහභාගී වෙනව.රංගන ක්ෂේත්‍රයේදී වුනත් මගේ තියෙන අඩුපාඩුකම් හදාගෙන රංගන ශිල්පිනියක් ලෙස රටට හොද කීර්තියක් ගෙනත් දෙන එක මගේ අරමුණක්.

නම                 - භාග්‍යා හෙට්ටිආරච්චි
ගම                  - ගම්පහ වැලිවේරියේ
උපන් දිනය      - මැයි 08
ලග්නය            - මේශ
පාසල              - ආනන්ද බාලිකා විදුහල.කොළඹ 10
පවුලේ විස්තර   - අම්මා තාත්තා මල්ලී

ලංකාදීප සැදැල්ල






















0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.