![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpyYHupb5DTtcbgqtLRU41YjaignrdteIVU821QaF_uSIsgR2z1YThzJzOofJH1gi3zzqLOJ32OubqAInetUPdGLFUPgkrQPR6vLr73B49BYxWk6noDhmOIFbiYWQsaq-nlxt4CG_mmWeD/s1600/111111111.gif)
ඇපල්, මයික්‍රොසොෆ්ට්, බ්ලැක්බෙරි, එරික්සන් සහ සෝනි සමාගම් ඇතුළත් රොක්ස්ටාර් ව්‍යාපාර සමූහය විසින් පේටන්ට් බලපත් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සැම්සුන්, HTC සහ ගූගල් සමාගම් වලට එරෙහිව නඩු පවරා ඇතැයි වාර්තා වේ.
ප‍්‍රචාරණ පිරික්සුම් සඳහා වන පේටන්ට් බලපත් ගැටළුවක් ඉදිරිපත් කර ඇති චෝදනාව බව වාර්තා වේ.
මේ අතර ඇන්ඩ්‍රොයිඞ් භාවිතා කරන දෘඩාංග නිෂ්පාදනය කරන LG” ZTE, අසූස් සහ පැන්ටෙක් යන ගූගල් සහයෝගී සමාගම් වලට එරෙහිවද රොක්ස්ටාර් විසින් නඩු පවරා තිබේ.
2009දී කැනේඩියානු සන්නිවේදන සමාගමක් වන නෝර්ටෙල් බංකොළොත් වූ අවස්ථාවේදී රොක්ස්ටාර් විසින් ඩොලර් බිලියන 2.5ක් වටිනා පේටන්ට් බලපත‍්‍ර 6000ක් මිලට ගනු ලැබිණි.
එම පේටන්ට් බලපත් අලෙවි කිරීම සඳහා වූ වෙන්දේසියේදී ගූගල් සමාගම පරාජය වූ නමුදු එම බලපත් සොරාගැනීම දිගින් දිගටම සිදුකරමින් සිටින බව රොක්ස්ටාර් පවසයි.
එම පේටන්ට් බලපත් අලෙවි කිරීම සඳහා වූ වෙන්දේසියේදී ගූගල් සමාගම පරාජය වූ නමුදු එම බලපත් සොරාගැනීම දිගින් දිගටම සිදුකරමින් සිටින බව රොක්ස්ටාර් පවසයි.
එහි ප‍්‍රධාන විධායක නිලධාරී ජෝන් වෙස්චි පවසන්නේ තමන්ට අයත් පේටන්ට් බලපත්වලින් ඇතැම් එ්වා භාවිතා නොකරන අධි තාක්ෂණික සමාගම් සෙවීම දුෂ්කර කරුණක් වී ඇති බවයි.
Post a Comment
enter your comment here..thank you