සමහර සිසුන් අධ්‍යාපන කටයුතු අත්හැර ගෙදර ගිහින්..

සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියන් පිරිසකගේ ඇදුම් ගලවා නිරුවත්කොට බිම පෙරලවා ශාරීරික හා මානසික වද හින්සනයට පත්වන අයුරින් නවක වදය ලබා දී ඇතැයි කියන පෙර වසරවල සිසුන් 07 දෙනෙකු හා සිසුවියන් 04 දෙනෙකු සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂන කටයුතු ආරම්භකර තිබේ.
සිංහරාජ හා ආරියතිලක යන නේවාසිකාරවල නවක සිසුන් ගේ ඇදුම් ගලවා වැසිකිලි තුල බිම පෙරලවා,අසභ්‍ය වචන වලින් බැන වදිමින් දරුනු මානසික හා ශාරීරික හින්සනයට ලක්වන ලෙස නවක වදය ලබා දී ඇති අතර නවක වදයට ලක්වූ සිසුන් විසින් මේ සම්බන්ධව පාලනාධිකාරියට තොරතුරු ලබා දී ඇතත් ඊට උපකුලපතිවරයාගෙන් හෝ පාලනාධිකාරියෙන් මේ සම්බන්ධයෙන් විසදුමක් ලබා දී නැතැයි වාර්ථා වේ..
මේ හේතුවෙන් එම හිංසනයට ලක්වූ සිසුන් විසින් උසස් අධ්‍යාපන ඇමතිවරයා වෙත සෘජුවම මෙම සිද්ධිය දන්වා ඇති අතර,ඇමතිවරයා විසින් පාලනාධිකාරියට දන්වා ඇත්තේ මෙය ක්‍රියාත්මක කල සිසුන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා එම වරදකරුවන් වහාම විශ්ව විද්‍යාලයෙන් නෙරපා හරින්නට කටයුතු ක්‍රියාත්මක කරන ලෙසටයි..මේ අනුව ක්‍රියාත්මක වූ පාලනාධිකාරිය එම සිසුන්හට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සබරගමුව සරසවියේ පසුගිය සති දෙකක පමන කාලයක සිට මෙම නවක වදය ක්‍රියාත්මක වී ඇති අතර සිසුන් දැඩි මානසික හිංසනයකට ලක්වී ඇතිබවද,සමහර සිසුන් තම අධ්‍යාපන කටයුතු අත්හැර දමා නිවෙස්වලට ගොස් ඇතිබවද වාර්ථා වේ.

Post a Comment
enter your comment here..thank you