Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

සක්විති රණසිංහ විත්ති කූඩුවේදී කදුළු සලයි..



ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරද පිළිගත් දැනට බන්ධනාගාර ගතව සිටින සක්විති රණසිංහ නැමැත්තාගේ මානසික තත්වය සම්බන්දයෙන් වෛද්‍ය වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරන විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.

සක්විති රනසිංහට මෙම නඩුව පවරා තිබෙන්නේ 1988 වසරේ මාර්තුමස දිනයක කඩුවෙල කොරතොටදී කුමාරි අනුරාධිනී නැමැත්තිය ඇගේ දේමවුපියන්ගේ භාරකාරත්වයෙන් අපහරනය කිරීම හා 1998 මාර්තු මස 30 වෙනිදාත් 1999 පෙබරවාරි මස 28 වෙනිදාත් අතර කාලය තුලදී ගල්කිස්ස ප්‍රදේශයේදී ඇය දූෂණය කිරීම යන චෝදනා සදහාය.

පසුගිය දිනක සක්විති රනසිංහ මෙම චෝදනාව සම්බන්දයෙන් වරද පිළිගත් අතර,නමුත් එම කාලය තුලදී ඔහු යම්කිසි මානසික රෝගයක් සම්බන්දයෙන් ප්‍රතිකාර ගත්තේද යන්න විමසා ඒ පිළිබද වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරිය බන්ධනාගාර අධිකාරීවරයාට නොයෝග කොට තිබේ.

සක්විතිගේ මේ සම්බන්ද නඩුව මීට පෙර අවස්ථාවකදී කැදවනු ලැබූ අතර එහිදී ඔහු මීට අදාල වරද පිළිගත් අතර,ඒ සදහා දඩුවම් නියම කිරීමට යලිත් නඩුව කැදවා තිබේ.

එහිදී සුදු ඇදුමකින් සැරසී සිටි සක්විති රනසිංහ නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර විත්ති කූඩුව මතදී කිහිපවරක්  කදුලු බේරමින් සිටින අයුරුද දැකගත හැකිවිය..මෙය නැවත ලබන 25 වෙනිදා කැදවන අතර අදාල වෛද්‍ය වාර්ථාවද එදින ඉදිරිපත් කිරීමට නියමිතය. 

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.