
සර් තමයි මට පොල්ලෙන් ගැහුවෙ..

ටියුෂන් පන්තියක මසික ගාස්තු ප්‍රමාදවීමක් නිසා සිසුවෙකුට එම පන්තිභාර ගුරුවරයා හා ගුරුවරයාගේ බිරිද එකතුවී යකඩ පොල්ලකින් පහරදීමේ සිද්ධියක් මාතර වැලිගම ප්‍රදේශයෙන් වාර්ථා වේ.මෙම අමානුෂික පහර කෑමට ලක්වූ සිසුවා මාතර වැලිගම දිසා රෝහලෙන් ප්‍රතිකාර ගෙන ඇති අතර ඔහු නමින් ඩයස් කල්හාරය..මෙම සිසුවාගේ පියා වන ඩබ්.ජී සමන්ත (46)රිය අනතුරකට ලක්වීම නිසා පාදයක්ද අහිමි අබාදිත පුද්හලයෙකි.මවටද රැකියාවක් නැති අතරම මෙම සිසුවට එක මාසයක පන්ති ගාස්තු ගෙවීමට නොහැකිවීම සිද්ධියට හේතුවයි..
ඔහු සිද්ධිය ගැන විස්තර කලේ මෙසේය..
"මමයි අම්මයි අපේ ගෙවල් ලග ඇන්ටිකෙනෙකුයි එක්ක පන්සලට යනකොට අම්ම,ලග තිබුනු කඩයකට ගියා බඩුවගයක් ගන්න.එතකොට මට එන්න කියලා පනිවිඩයක් එවල තිබුනා පන්තියේ සර්.මම පනිවිඩේ අහගෙන එන්නම් කියලා අම්මටත් කියලා සර්ගේ කාර්‍යාලයට ගියා..
ඒ වෙලාවෙ කාර්‍යාලයේ උන්නේ සර්ගෙ වයිෆ් විතරයි.ඉතින් මන් ඇහුව සර් මට එන්න කියලා තිබුනා..ඒ මොකද කියලා..ඊටපස්සෙ එයා මොකුත් කියන්නෙ නතුවම මට බැනගෙන බැනගෙන ගියා හොදටම.ඊට පස්සේ එතනට සර් ආවා. සර් අවෙත් පොල්ලත් අරගෙනමයි.සර්ගෙ වයිෆ් මාව අල්ලන් ඉද්දෙ සර් මට එ පොල්ලෙ ගහුවා.පසෙ මට සිහිනැතිවෙලා,අම්ම අවිත් මාව ඉස්පිරිතාලෙට එක්කන් ගිහින්.."
රෝහල් ගතකිරීමෙන් පසු සුවය ලබා සිටින ඩයස් කල්හාර සිසුවා පවසා සිටියේ තමන්ට පසුගිය මාසයේ පන්ති ගාස්තු ගෙවීමට නොහැකිවීම සත්‍යක් වන නමුත් ටියුෂන් පන්තිභාර ගුරුවරයා මෙලෙස තමන්ට පහරදේයැයි කිසිවිටෙකත් නොසිතූ බවයි..
සිද්ධිය ගැන දෙමවුපියන් විසින් පොලීසියට පැමිනිලි කිරීමෙන් පසුව අදාල ටියුෂන් ගුරුවරයා සහ ඔහුගේ බිරිද අත් අඩංගුවට ගෙන ඇති අතර,මොවුන් මාතර වැඩබලන මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ..
Post a Comment
enter your comment here..thank you