Related Posts Plugin for WordPress, Blogger...

find us on facebook

LANKA ARTICLES-NET

pages

photo gallery

hitz-videos

gossip hitz status

විදුලිසැර වැදුනු බවට කිසිදු සලකුනක් නෑ..?



තම නිවසේ රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමට ගිය  අවස්ථාවකදී විදුලිසැර වැදී යැයි කියමින් පෙරේදා දින (15) බගවන්තලාව රෝහලට ඇතුලත් කල පාසල් දැරියගේ මරණය සැක සහිත බැවින් මල සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා නාවලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට බගවන්තලාව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලදාරී A.S.K ජයසූරිය මහතා පියවර ගෙන ඇත.


සිද්ධියෙන් මියගොස් ඇත්තේ බගවන්තලාව ලින්ස්ටඩ් තේ වත්තේ ඉහල කොටසේ පදින්චි ලින්ස්ටඩ් දෙමල විද්‍යාලයේ පස්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි සුරේශ් දිලක්ෂනා නැමැති පාසල් දැරියකි.

මෙම සිද්ධිය වන දින (15)දහවල් මෙම දැරිය පමනක් නිවසේ සිට ඇති අතර විදුලි සැර වැදී ඇතිනිසා රෝහල්ගත කරන ලද අතර නමුත් ඒ වනවිටත් දැරිය මියගොස් ඇති අතර ,දැරියගේ සිරුර පරීක්ෂා කල බගවන්තලාව දිසා රෝහලේ වෛද්‍ය නිළධාරීන් පවසා ඇත්තේ විදුලි සැර වැදී ඇතිබව පැවසුවද එය සනාථ කිරීමට කිසිදු බාහිර සලකුනක් නොමැති නිසා මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් ඇති බැවින් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා නාවලපිටිය මූලික රෝහලේ අදිකරණ වෛද්‍යවරයා වෙත යොමු කල බවයි..

මෙම දැරියගේ මවද විදේශ ගත වී සිටින අතර ඇයට බාල සොහොයුරියක් හා වැඩිමහල් සහෝදරයෙක් සිටිනබව වාර්ථා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් සමරවික්‍රම මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් විශේෂ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.. 

0 comments

Post a Comment

enter your comment here..thank you

advertisements

 photo 2_zps48271cce.gif

new post

Powered by Blogger.