හොඳ ගීත ලැබුණු දවසට මම ගායනයෙන් මගේ රසිකයන් පිනවාවි.
සිනමාවට ආගන්තුක නොවූ උද්දිකත්, සිනමාවේ මුලකුරු කියවූ සූර්යාත් සමනල සංධ්වනියෙන් සිනමාවේ නොමැකෙන ලකුණක් තබන්න සමත් වුණා. එකම චරිතයට පණ පොවමින් එකෙකුට නොදෙවෙනිව වාදීෂට සාධාරණයක් ඉටු කළ උද්දික, සූර්යාගේ හදගැස්මට අපි මෙවර ලං වුණා...
• රංගන ජීවිතයේ ආයෙමත් ඉපදුණා කියලා හිතෙනවද?
ලොකු අවස්ථාවකට මාව යොමු වුණා... වෙනස් චරිතයක් ලැබුණා... ලැබෙන ප්‍රතිචාරත් එක්ක පැහැදිලිභාවයක ඉන්නවා.
• ලැබෙන ප්‍රතිචාරත් එක්ක ආඩම්බරකමින් හිත පුරෝගෙනද ඉන්නේ...?
අනේ නෑ... පරණ උද්දික ඒ විදියටම ඉන්නවා. වාදීෂ ඉන්නවා චිත්‍රපටයේ....
• වාදීෂව මුණගැහෙනකොට මෙච්චර හපන්කමක් කරන්න පුළුවන්වෙයි කියලා හිතුවද?
කවදටත් ලැබෙන චරිතයට සාධාරණයක් කරන්න මම උත්සාහ ගන්නවා... වාදීෂ කියන්නේ වෙනසක් ඇතුවම මට ලැබුණු චරිතයක්. ඒ චරිතය මට ආලෝකයක් වුණා. ඒ වගේම ඒ චරිතය ආලෝක කරන්නත් මම උත්සාහ ගත්තා.
• ජයන්ත චන්ද්‍රසිරි මේ චරිතයට ඔබවම තෝරා ගත්තේ ඇයි කියලා දන්නවද?
මාව යෝජනා කරන්නේ දර්ශන රුවන්. ඒ වෙනකොට ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මගේ නිර්මාණවලින් මාව දැකලා තිබුණෙත් නෑ... නමුත් අපේ පළමු හමුවීමෙන්ම මාව තෝරා ගත්තා... ඔහුට හිතෙන්නට ඇති ඔහුගේ හිතේ හිටපු වාදීෂට මාව ගැළපෙයි කියලා.
• දැන් ඔහු ඔහුගේ තෝරා ගැනීම ගැන තෘප්තිමත්ද?
මම හිතෙන්නේ ඔව්. ඒ විතරක් නෙමෙයි, අපේ නිෂ්පාදකවරයාත් මං ගැන විතරක් නෙමෙයි මුළු චිත්‍රපටිය ගැනම තෘප්තිමත්... මේ වෙලාවෙ චිත්‍රපටියට දායක වුණ හැමෝම ගැන මතක් කරන්න ඕන. ඔවුන් නිසා තමයි අපි සාර්ථක වුණේ...
• වැඩිපුර තියෙන්නේ සුබවාදී ප්‍රතිචාරද, අසුබවාදී ප්‍රතිචාරද?
ඔය දෙකම අඩු වැඩියෙන් තියෙනවා... දෙකටම මම හිස නමනවා.
• ඔබ තුළ ඉන්න ඒ ගායකයා දැන් කොහේද?
ඔහු තමයි වාදීෂට එළියට එන්න උදව් කළේ...
• මං අහන්නේ වාදීෂ ගැන නෙවෙයි, උද්දික කියන ගායකයා ගැන...?
නළුවෙක් විදියට ඉස්මතු වෙන්න හොඳ චරිත ඕනෑ වගේ ගායකයෙක් විදියට මගේ හැකියාව පෙන්වන්න හොඳ ගීත ඕනෑ.... හොඳ ගීත ලැබුණු දවසට මම ගායනයෙන් මගේ රසිකයන් පිනවාවි.
• වාදීෂ අභිබවා අමරසිරි පීරිස්ට මතු වන්නට ඉඩ නොදුන්නේ උද්දික තුළ හිටපු ගායකයාද?
ඔව්. ඒක මට වාසියක් වුණා. ඒක කොහොමද කළේ කියන එකනම් වචනෙන් දෙකෙන් විස්තර කරන්න අපහසුයි... ඒත් මම උත්සාහයක් ගත්තා....
• ටෙලි නාට්‍ය නළුවන්ට සිනමාව ජයගන්න බැරිලු...?
හුඟක් අයට හුඟක් දේ කියන්න පුළුවන්... ඒ කියන හැමදෙයක්ම හරියන්නෙත් නෑ... වරදින්නෙත් නෑ... හැබැයි මම නම් හිතන්නේ සිනමාවද, පුංචි තිරයද, වේදිකාවද කියලා වෙනසක් නෑ. ලැබෙන දේ සහ කරන දේ හරියට කළොත් වරදින්නේ නෑ.
• සිනමාවට පය තිබ්බා කියලා මුල අමතක වෙලා නෑනේ...?
අපෝ නෑ... මට ඔය කොතැනත් එකයි.
• ප්‍රධාන නළු උනක් උද්දිකට නැද්ද?
නෑ.. හැබැයි කරන චරිතය ප්‍රධාන කර ගන්න නම් උත්සාහ කරනවා...
• චරිතයක් භාරගන්නකොට හොයලා බලන්නේ මොනවද?
එකකට එකක් වෙනස් චරිතවලට මම කැමැතියි... එතකොට පර්යේෂණය කරමින්ම රඟපාන්න අවස්ථාව ලැබෙනවා.
• ලැබෙන චරිතෙන් වෙනසක් කරන්න ඔබ උත්සාහ ගන්න බව දැනෙනවා. ඒක ආයාසයෙන් වෙන දෙයක්ද, නිරායාසයෙන් වෙන දෙයක්ද?
ඔය දෙකේම ප්‍රතිඵලයක්.
• ඊළඟට තවත් චිත්‍රපටයකින් ඔබව හමුවෙන්නේ කවදාද?
ලබන අවුරුද්දේ මුල වගේ....
• රටේ ලෝකේ උදවිය මොනවා කිව්වත් ගෙදරදි ලැබෙන ප්‍රතිචාරත් හුඟාක් වටිනවා.
එයා වාදීෂගේ රසිකාවියක්.
• උද්දික කියන කුසලතාපූර්ණ නළුවා පසුපස ඉන්න ඇය ගැනත් කියමු?
ඇය අනූෂා කුමාරි. ගුරුවරියක්... දැන් අපිට චූටි පුතෙක් එකතුවෙලා ඉන්නවා.
• තාත්තාගේ කාර්යබහුලකම දරු සෙනෙහසට බාධාවක්ද?
අපෝ නෑ... කොයි තරම් වැඩ තිබුණත් එයා වෙනුවෙන් වෙන් කරන වේලාවේ වෙනසක් නෑ... මොකද ආපහු කවදාවත් මේ කාලේ උදාවෙන්නේ නෑනේ...
• ඔබේ බාල විය නිරූපණය කළ සූර්යා ගැනත් කතා කරමු...
මම මේ වෘත්තිය හොයාගෙන ආව කෙනෙක්... සූර්යාගේ පැමිණීම ඊට වඩා වෙනස්... එයාට ලොකු අවස්ථාවක් ලැබුණා... එයාවත් නොහිතපු විදියට... හැබැයි ඔහු එයින් ප්‍රයෝජන ගත්තා දක්ෂ විදියට... රංගනය විතරක් නෙවෙයි සංගීත ඥානය අතිනුත් ඔහු දක්ෂයෙක්... මම සුබ පතනව හොඳ වැඩවලින්, කැපීපෙනෙන චරිතයක් වෙන්න සූර්යාට හැකිවෙන්න කියලා...
• අනාගතය ගැන පැහැදිලි දැක්මක් තියෙනවද?
ඔව්... ලංකාවේ ඉන්නවා ජයන්ත චන්ද්‍රසිරි ඇතුළු දක්ෂ නිර්මාණකරුවන් පිරිසක්. ඒ අයත් එක්ක නිර්මාණකරණයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා...
ලැබෙන දේ බර වැඩියි ඒත් දරා ගන්න පුළුවන්... -
hadagasma
සූර්යා දයාරුවන්-
Post a Comment
enter your comment here..thank you